දේශීයවිදෙස්

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

(UTV | කොවිඩ් 19 ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගෙන් ලක්ෂ 7 ක් ඉක්මවූ පිරිසක් මේ වන විට සුවය ලබා තිබේ.

මේ වන විට ලොව පුරා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව විසිපන් ලක්ෂ 75,000 ට ආසන්න වන අතර , ඒ අනුව සුවය ලැබීමේ ප්‍රතිශතය 27 % ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර සිංගප්පූරුවෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද දස දහස ඉක්මවා ගියේය.

එරටින් දෛනිකව හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් නව ආසාදිතයින් 1016 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් රට වසා දැමීමට ගත් තීරණය ද ලබන ජුනි මස පළමුවනදා දක්වා දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.

Related posts

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

Mohamed Dilsad

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment