විදෙස්

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සූදානම් වෙයි.

මෙහිදී දෙරටේ නායකයින් මුල්වරට හමුවීම විශේෂත්වයකි.

මෙම හමුව මැයි මස 04 වැනිදා නිව්යෝක් නුවර පැවැත්වෙන දෙවන ලෝක යුධ සැමරුමක් අතරතුර පැවැත්වීමට නියමිතව තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු වී ඇත.

කෙසේ වෙතත් මෙම හමුව දෙරට අතර පවතින මතභේද දුරු කර ගැනීමේ හොද අවස්ථාවක් වනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ අදහසය.

Related posts

මැරඩෝනාගේ සිරුරට අත තබා සෙල්ෆි ගත් අවමංගල්‍ය සේවකයාට මරණ තර්ජන

Mohamed Dilsad

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තායිලන්තය අත්හිටුවයි

Mohamed Dilsad

අයිෆල් කුළුණ හෙට සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment