(UTV | කොළඹ ) – කැෆේ සංවිධානය විසින් මහ මැතිවරණය තව මාස තුනකට වත් කල් දැමිය යුතු බව ප්‍රකාශ කර තිබේ.
එහි විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් පෙන්වා දෙන්නේ දැනට යෝජනා කර ඇති ජුනි 20වන දිනය වන විට මහමැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් සැකසෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.
මැතිවරණ ක්‍රියාවලියකදී ඒ සඳහා වන පූර්ව කටයුතු රැසක් ඇති අතර එම පූර්ව කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ විය යුතුව ඇති බව මනාස් මකීන් කියා සිටියි.
නමුත් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළයාම නිසා එම පූර්ව කටයුතු ඇරඹීමේ සුදුසු වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව අහමඞ් මනාස් මකීන්ගේ ස්ථාවරයයි.
පවතින වාතාවරණය තුළ සෑම පක්ෂයකටම, අපේක්ෂකයෙකුටම, ස්වාධින කණ්ඩායමකටම සිය මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට සම තරඟ බිමක් සැකසීම ප්‍රායෝගිකව අසීරු තත්ත්වයක පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
ඇතැම් අපේක්ෂකයින් විසින් මේ වනවිටත් ආහාර පාර්සල් බෙදා දෙමින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇති බවටද කැෆේ සංවිධානය චෝදනා කරයි.
රජයට හිතවත් පාර්ශව පමණක් ඇඳිරි නීති අවසරපත් ලබාගනිමින් ආහාර ද්‍රව්‍ය බෙදාදෙමින් මැතිවරණ ව්‍යපාරය අරඹා ඇති අතර අනිකුත් පක්ෂ සහ කණ්ඩායම් මේ නිසා අගතියට පත්ව ඇති බව කැෆේ සංවිධානය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.