දේශීය

ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල සිටින ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල පවසයි.

ඒ මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා වෛරසය සම්ප්‍රේශනය වන බවට මේ වනවිටත් තහවුරු වී තිබීමත් හේතුවෙනි.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල කියා සිටියේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි.

Related posts

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

Editor O

Leave a Comment