දේශීය

ජාතික විදුලි පරිභෝජනය පහතට

(UTV | කොළඹ) – ජාතික විදුලි පරිභෝජනය සියයට 30 කින් සහ ජල විදුලි උත්පාදනය සියයට 15 ක් පමණ අඩුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහෙත් අමාත්‍යංශය අනතුරු අගවන්නේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිත නොකලහොත් ගෘහස්ත විදුලි පරිභෝජනය ඉහල යා හැකි බවයි.

තවද නාස්තිය වලක්වා ගනිමින් විදුලි පරිභෝජනය සිදු කරන්නැයි සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය මුදා හැරීම් නිසා ජල විදුලි ආශ්‍රිත නිෂ්පාදන යම් ප්‍රමාණයකට සීමා වී ඇති බවයි.

Related posts

දේශීය සිමෙන්ති මිලත් ඉහළට

Mohamed Dilsad

හදිසියේ අසනීපවූ සිසුවියක් රෝහලේ

Mohamed Dilsad

නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කරමින් පවතිනවා

Mohamed Dilsad

Leave a Comment