දේශීය

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොවිඩ් 19) – නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

අදාළ නිවේදනයෙන් දක්වා ඇත්තේ නාවික භටයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කදවුරේ නාවිකයින් 4000 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෛරස ආසාදිත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

ආසාදිත නාවිකයින් ඇසුරු කළ බවට හදුනාගත් නිවාඩු මත සිටින නාවිකයින් නැවත කඳවුර වෙත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති අතර නිවාඩු මත සිටින සෙසු සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස්වලම තැබීමට කටයුතු කර ඇත.

මෙම තත්වය මත ශ්‍රී ලංකා නාවික හමුදාව ආයතනික නිරෝධාන කටයුතු වල දැනටමත් යෙදී ඇති අතර, එම කටයුතු සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම මත සැළසුම් සහගතව සිදුකරමින් පවතියි.

එබැවින් ශ්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නොවන අතර, නිවාඩු මත තම නිවාස වල සිටින නාවික පුද්ගලයින් එලෙසම තැබීමටත්, වැලිසර නාවික හමුදා කඳවුරේදී සෞඛ්‍ය පරීක්‍ෂණ පවත්වා පැවති සියළු නාවික මෙහෙයුම් නැවත පටන් ගැනීමටත්, හදුනාගත් වෛරසය ආසාධිතයින් රෝහල් ගතකර ප්‍රථිකාර කිරීමටත් කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

නිවාඩු මත හෝ කදවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබදව 0112 44 53 68 හා 0117 19 22 51 යන දුරකතන අංක, 0112 44 14 54 යන ෆැක්ස් අංකය සහ 011 220 13 65 යන වට්ස්ඇප් අංකය ඔස්සේ තොරතුරු දැනගත හැකි බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Related posts

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම් මනෝ ගනේෂන් හෙළා දකී

Mohamed Dilsad

දේශබන්දු ට එරෙහි පෙත්සමක් ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment