දේශීය

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කෙරේ

(UTV | කොළඹ ) – මැයි මස 15 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කර ඇත.

රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්, උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

එසේම විශේෂ මගී ගුවන් ගමන් ද ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මේ පි‍ළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ළඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

එසේම වැඩි විස්තර www.srilankan.com වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

Related posts

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

Mohamed Dilsad

බස්රථ සදහා Prepaid Travel Card පතක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

Mohamed Dilsad

Leave a Comment