දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳුදා සිට යළි විවෘතයි

(UTV | කෝවිඩ් -19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

ඒ ආණ්ඩුකාර කාර්යාලය තාවකාලික වසා දැමීමට පාදක වූ නාවික හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමඟයි.

ආණ්ඩුකාර කාර්යාලයේ සේවයට පැමිණි අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබලෙකුගේ ඥාතියෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගැණුනි.

Related posts

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 20-20 අවසන් තරඟය අද (17) රාත්‍රියේ

Editor O

මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනී

Mohamed Dilsad

වව්නියාවේ ගැටුමෙන් පොලීසියේ 05ක් රෝහලට

Editor O

Leave a Comment