දේශීය

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

(UTV | හම්බන්තොට) – හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති වාහන 5000කට අධික සංඛ්‍යාවක් නිශ්කාශනය කර ගන්නා ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී.

අත්‍යවශ්‍ය සේවා සඳහා වරාය පරිශ්‍රය නිරවුල්ව තබා ගන්නා ලෙසට රජය ලබා දුන් උපදෙස් අනුව එම පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නිශ්කාශන කටයුතු පහසුකිරිම සඳහා සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇති අතර ප්‍රමාද ගාස්තු අය නොකිරිමේ සහනය අප්‍රේල් 30 වනදායින් පසු යළි දීර්ඝ නොකරන බව හම්බන්තොට වරයා බලධාරීහු පවසයි.

Related posts

රවින්ද්‍ර උදේශාන්තට වරෙන්තු

Mohamed Dilsad

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සජිත් සහ එජාප පළාත් පාලන නියෝජිතන්ගේ හමුවක්

Mohamed Dilsad

Leave a Comment