දේශීය

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

(UTV | කෝවිඩ් -19) – මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මේ හේතුවෙන් සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මෙම යුධ හමුදා නිලධාරියාගේ බිරිඳද නාවික හමුදා නිළධාරිනියක වන අතර ඇය සේවය කරන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ බව සඳහන්.

Related posts

වත්මන් ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා

Editor O

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

රිෂාඩ් සහ සහෝදරයා නිදහස් කරන්නැයි ඉල්ලමින් උතුරේ දෙවන දිනටත් විරෝධතා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment