දේශීය

දිවයින පුරා සුරාබදු අපරාධ වැටලීම් 1037 ක්

(UTV | කොළඹ) –  අප්‍රේල් මස 01 දින සිට අප්‍රේල් මස 25 දක්වා කාලය තුළ දිවයින පුරා සුරා අපරාධ වැටලීම් 1037 ක් සාර්ථකව සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 58 ක්, විශේෂ මෙහෙයුම් ඒකක 05ක් සහ මත්ද්‍රව්‍යනාශක අංශයෙහි නිලධාරීන් විසින් දිවයින පුරා සුරා අපරාධ වැටලීම් සඳහා අඛණ්ඩව හා බාධාක මැදවුවද මෙම රාජකාරීවල නිරතවිය.

මෙහිදි නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන ග්‍රහණයන් 230 ක්ද, නීතිවිරෝධි ස්ප්‍රීතු සන්තකයේ තබා ගැනිමේ ග්‍රහණයන් 493ක්ද, නිතිවිරෝධි ලෙස මත්පැන් වෙළදාම් කිරිමේ ග්‍රහණයන් 31 ක්ද, නිතිවිරෝධි මත්පැන් (ගෝඩා) සන්තකයේ තබා ගැනිමේ ග්‍රහණයන් 54 ක්ද , නීතිවිරෝධි ලෙස රා සන්තකයේ තබා ගැනිම, විකිණිම හා ප්‍රවාහනය කිරිමේ ග්‍රහණයන් 123 ක්ද, රජයේ අනුමත මත්පැන් විකිණිම හා සන්තකයේ තබා ගැනිමේ ග්‍රහණයන් 46 ක්ද, හොරොයින් හා ගංජා සන්තකයේ තබා ගැනිමේ ග්‍රහණයන් 57 ක්ද, හා වෙනත් ග්‍රහණයන් 03 ක් සිදු කර ඇත.

මෙම වැටලිම් වලදි නීති විරෝධි ලෙස මත්පැන් ප්‍රවාහනය සදහා යොදවා ඇති සු‍ඛෝපභෝගි මෝටර් රථ 03 ක් අත්අඩංගුවට ගන්නා ලද අතර, ඊට අමතරව රුපියල් මිලියන 10 ක් පමණ වටිනා මත්පැන්, උපකරණ සහා ද්‍රව්‍යය ද අත්අඩංගුවට ගැනිමට සුරාබදු නිලධාරින් සමත් වී ඇත.

සංඛ්‍යා දත්ත අනුව වැඩිම සුරා අපරාධ ග්‍රහණ සංඛ්‍යාවක් සබරගමුව පළාතෙන් වාර්තා වී ඇති අතර දෙවන අපරාධ ග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ මධ්‍යම, උතුරු මැද හා දකුණු පළාත් වලිනි.

Related posts

ගාල්ලේ පාසැල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නාවලපිටියේදී දුම්රිය 2 ක් එකිනෙක ගැටී වෙන්න ගිය අනතුරක් නූලෙන් වළකී

Mohamed Dilsad

Leave a Comment