දේශීය

වැලිසර නාවික හමුදා කඳවුරු තුල නිරෝධායන කටයුතු තවදුරටත්

(UTV | කොවිඩ් 19) –  වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුල නිරෝධායන ක්‍රියාවලීන් සහ කෙරෝනා වෛරසය අසාධිත පුද්ගලයින් ප්‍රථිකාර සඳහා යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මකව පවතියි.

වැලිසර නාවික හමුදා පරිශ්‍රය තුලින් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් හමුවීමත් සමඟ එම කඳවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගනු ලැබීය.

මේ වන විට වෛරසය ආසාධිතයින් හදුනා ගැනීමටත් කදවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි විෂබීජ හරණය කිරීමටත් නාවික හමුදාව පියවර ගනිමින් සිටී.

පසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුලින් කොරෝනා වෛරසය ආසාධිත ‍පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත හදුනාගනිමින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමටත්, එම පරීක්‍ෂණ මගින් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගත් පුද්ගලයින් කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් වෙත යොමු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටී.

තවද මෙම වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහ රෝහල සම්පූර්ණ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව දැනට කඳවුර තුල සිටින පුද්ගලයින්ගෙන් හදුනා ගන්නා වෛරසය ආසාධිතයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට සුදුසු රෝහලක් වශයෙන් වැඩි දියුණු කිරීමටත් නාවික හමුදාව මේවන විට සියළු ක්‍රියා මාර්ගයන් ක්‍රියාවට නංවා ඇත.

Related posts

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනාධිපති

Editor O

කන්දකාඩුවට කොරෝනා ආ සැටි

Mohamed Dilsad

කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නොදෙන බව අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment