දේශීයප්‍රමුඛ පුවත 1

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

(UTV | කොළඹ ) – අද (27) සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුව රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් නිවසකින් ආහාර ලබාගැනීම හේතුවෙන් ඇති වූ සැකය මත පසුගිය සඳුදා සිට වසා දැමුණි.

එහි සේවයේ නියුතු එම ආරක්ෂක නිලධාරිනිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සදහා ලක් කෙරුණ ද ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු හමු වී නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

ඛණිජතෙල් සංස්ථාවේ ආදායම සියයට 26%කින් අඩුවෙලා

Editor O

සම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට මිලියන 3ක දඩයක් – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්.

Editor O

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment