දේශීය

විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03 ක රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාමට ඉල්ලුම් කර ඇති බවයි.

කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ෂාෆ්ටර් ඝාතනය සිදුවූ තැන තිබූ උපකරණ වෙත වැඩි අවධානයක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment