දේශීය

ඇඳිරි නීතිය අද රාත්‍රීයේ සිට යළි ක්‍රියාත්මකයි

(UTV | කෝවිඩ් -19) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද (28) අලුයම පහට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද (28) රාත්‍රී අටට යළි පැනවීමට නියමිතයි.

මැයි 01 වන සිකුරාදා දක්වා එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට අලුයම පහ දක්වා පමණයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 4 වන සඳුදා අලූයම 5 දක්වා අඛන්ඩව ක්‍රියාත්මකයි.

Related posts

ආගමන – විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතව තැබීමේ සූදානමක්

Editor O

විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට ජනපති කොමිසමෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment