දේශීය

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 871 ඉක්මවයි

(UTV | කොළඹ) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවා තිබේ.

ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවේය.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කර තිබේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටින අතර නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

Related posts

මැතිවරණ ප්‍රචාරණය අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

එන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනට

Mohamed Dilsad

ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment