දේශීය

ඊයේ හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ තතු

(UTV | කෝවිඩ්-19) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට ඊයේ (28) හඳුනාගත් නව කොරෝනා වෛරස් ආසාධිතයන් 31 දෙනා අතුරින් 21 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වේ.

ඉන් 13 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුළින්ද 8 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි අයද බව ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ ඔවුන්ගේ සමීපතමයන් 6 දෙනෙකුද වෛරස ආසාධිතයන් බවට ඊයේ දිනයේදී තහවුරු කරගත් බවයි.

මේ අතර යුධ හමුදා සාමාජිකයන් 4 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව දැනට කොවිඞ්-19 ආසාධනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් සහ ඔවුන්ගේ සමීපතමයන් සංඛ්‍යාව 230 කට ආසන්න වී තිබේ.

Related posts

අපනයන වැඩිකර, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

Mohamed Dilsad

අලියා සහ දුරකථනය අතර සාකච්ඡා – රුවන් විජයවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment