දේශීය

සියලු තැපැල් කාර්යාල ලබන මස සිට විවෘතයි

(UTV | කොළඹ) – සියලු තැපැල් කාර්යාල ලබන මස 4 වනදා සිට සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඒ අනුව මැයි මාසයට අදාළ මහජන ආධාර සහ වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුලුවලදී ගෙවීමට කටයුතු යොදා තිබේ.

තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට මෙන්ම, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු කිරීමට සහ දේශීය තැපෑල සඳහා ලිපි හා තැපැල් භාණ්ඩ භාරදීමට ද, ජනතාවට හැකියාව පවතින බවයි.

Related posts

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් දිවයිනට

Mohamed Dilsad

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව

Mohamed Dilsad

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

Mohamed Dilsad

Leave a Comment