දේශීය

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීමට අදාළව නිවේදයක් නිකුත් කර ඇත.

කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු රාජකාරී සඳහා සකස් කරනු ලැබූ නව මෙහෙයුම් පද්ධතිය පසුගියදා ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත දේශප්‍රිය මහතා, විශ්‍රාම වැටුප්  අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා, විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර්. පත්මප්‍රිය මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා විශ්‍රාම වැටුප් අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්  meet.gov.lk ඔස්සේ නිවෙස්වල සිට එක් වී සිටියේය.

ඒ අනුව ප්‍රථම අයදුම්පත ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පතක් පද්ධතියට  ඇතුළත් කරනු ලැබීය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 05/2020 මගින් මේ සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කර තිබේ.

මේ වන විට අදාල වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර  අයදුම්පත්‍ර 500කට අධික සංඛ්‍යාවක් විවිධ ආයතන විසින් පද්ධතියට ඇතුළත් කර තිබේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය නිවසේ සිටම එම අයදුම්පත්‍ර පරික්ෂා කිරීම් ආරම්භ කර ඇත.

මෙම පරිගණක වැඩසටහන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මූලිකත්වයෙන් සහ සංජේ ලංකා පුද්ගලික ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කර ඇත.

Related posts

ළමුන් අතර රෝග කිහිපයක ව්‍යාප්තියක්

Mohamed Dilsad

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

Mohamed Dilsad

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment