දේශීය

සෞඛ්‍ය අමාත්‍යවරිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැලසුම් පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (30) රාත්‍රියේ දී පැවැත්විය.

කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරියගේ කාර්යාලයේ දී පැය 02 කට ආසන්න කාලයක් නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විනි.

රටවල් 15 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

මෙහිදී විශේෂයෙන්ම කොවිඩ් -19 වසංගත උවදුර තුරන් කිරීමට ගත යුතු ඉදිරි පියවරයන් පිළිබදවත් ඒ ඒ රටවල් ගනු ලබන විධිමත් ක්‍රියාමාර්ග සහ අත්දැකීම් පිළිබදවත්, වෛරසයට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම පිළිබදවත් අමාත්‍යවරුන් මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙතෙක් රජය සහ සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවත්, ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට නියමිත ආරක්ෂිත ක්‍රමවේද පිළිබදවත් කරුණු පැහැදිලි කරමින් අදහස් හුවමාරු කරගන්නා ලදි.

නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව කොවිඩ් -19 වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් බවත්, ලෝකයේ දියුණූ රාජ්‍යයයන් මෙම වෛරසය මර්දනයේ දී ප්‍රමාද වී තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවත්, එම සමහර තීන්දු තීරණ ශ්‍රී ලංකාව කළින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම වෛරසය ව්‍යාප්තියේ මර්දනයක් ලගා කරගෙන තිබෙන බව ද විදේශ රටවල සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී පෙන්වා දෙන ලදි.

 

Related posts

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රූපවාහිනියක් හිසට වැටීමෙන් කුඩා දැරියක් මරුට

Mohamed Dilsad

Leave a Comment