විදෙස්

ඉන්දියාව වසා තැබීමේ කාලය යළි දීර්ඝ වෙයි

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදා වන අතර, වෛරසය පැතිරයාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය වී තිබේ.

ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇත.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.

Related posts

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සිරියාවේ ගබඩාවක් පිපිරීමක්.39ක් මරුට

Mohamed Dilsad

Leave a Comment