දේශීය

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

(UTV | මාතර) – නිරෝධායන නීති උල්ලංගණය කිරීමේ චෝදනාව මත මාතර පොලීසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ,  මාතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාගේ සහ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාරගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

මොහු කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති මීගමුව ප්‍රදේශයේ කාන්තාවක් මාතරට ගෙන්වා ගෙන කැකනදුර – තලල්ල ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇය සමඟ සබඳතා පවත්වා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරු අතර අදාළ සැරයන්වරයා සහ කාන්තාව මේ වන විට නිරෝධායනයට යොමු කර තිබේ.

Related posts

ටිකිරි මැණිකේ වටගොඩදී පීල්ලෙන් පනී

Editor O

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

Leave a Comment