දේශීය

ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු කථානායක නිවේදනය කරයි

(UTV | කොළඹ) – රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ජනාධිපතිවරයා වෙත කර ඇති යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි කාලෝචිත පියවරක් බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි. 

අදාළ නිවේදනය පහතින් ,

‍ “රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටිමින්ද, එවන් කැදවීමකදී වසංගත උවදුර ජයගැනීම සඳහා රජයට පූර්ණ සහය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින්ද, පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විසින් ජනාධිපතිවරයා වෙත කර ඇති යෝජනාව මෙම අර්බුදය විසඳීමට සියලු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගතහැකි  කාලෝචිත පියවරක් බව මාගේ හැඟීම විය.

එහිලා වු යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා  කිසිදු පැකිලිමකින් තොරව හිටපු කථානායකවරයා ලෙස මාගේ සහය ලබාදෙන බවද මින් පෙර නිල ට්විටර් සටහනක් මගින් ප්‍රකාශ කළෙමි.

එය කිසිදු විටෙක මා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරිමක් නොවන අතර සද්භාවයෙන් හා පිරිසිදු සිතින් යුතුව මාතෘභූමියේ යහපත වෙනුවෙන්  කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණි.

මාගේ එම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයකි.

මා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත්  කිරිමට මා දායක නොවන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අධිකරණයේ තීරණ ප්‍රකාරව කටයුතු කිරිමට බැඳි සිටින බවටත්, ජාතික වගකීමකින් යුතුව  ප්‍රකාශ කරමි.“

Related posts

තවත් කොවිඩ් ආසාදිත පොකුරක් හඳුනා ගැනේ

Mohamed Dilsad

බිළිඳියන් දෙදෙනෙකුගේ සිරුරු නුවරඑළියෙන් සොයාගැනේ

Mohamed Dilsad

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්න

Mohamed Dilsad

Leave a Comment