විදෙස්

ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙයි

(UTV | කොවිඩ් 19) –  ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ප්‍රමාණය ඉක්මවා රැඳවියන් සිටින බන්ධනාගාර මෙම අර්බුධයට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි

ඉන්දියාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ ගණන ද වේගයෙන් ඉහළ යමින් පවතියි.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 2,644 ක් වාර්තාවී ඇති අතර, මරණ 83 ක්ද වාර්තා වී ඇත.

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තාවන ආසාධිතයින් ගණන 40 දහසකට ආසන්න වනවා. මියගිය සංඛ්‍යාව 1323 ක්.

මේ වනවිට ඉන්දියාවේ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 39,980 ක් වන අතර, එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 1,301ක්.

Related posts

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

වෙනිසියුලාවේ ජනපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවැනි වරටත් දිව්රයි..

Mohamed Dilsad

කොවිඩ් වලට තවත් සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

Mohamed Dilsad

Leave a Comment