(UTV | කොවිඩ් 19) – ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 42,505 දක්වා ඉහළ ගොස් ඇති අතර , එරටින් ඊයේ පමණක් ආසාදිතයන් 2,644 ක් හඳුනාගෙන තිබුණි.
සමස්ත මරණ සංඛ්‍යාව 1,391 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව අපේක්ෂා කළ මට්ටමට වඩා සීඝ්රයෙන් ඇෆ්ගනිස්ථානය තුළ කොවිඩ් 19 වෛරසය පැතිර යනු ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ කාබුල් නගරයේදී අහඹු ලෙස පරීක්ෂාවට භාජන කළ 500 දෙනෙකු අතරින් 150ක්ම ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමගයි.