දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය කොවිඩ්-19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ නොබැඳි ව්‍යාපාරයේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය අමතමිනුයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ කොවිඩ්-19 වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බවයි.

පී සී ආර් පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3% ක් බවද මරණ අනුපාතය 0.97% ක් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම, පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනාගැනීමට යෙදවීම වෛරසය පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේය.

වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

තවද අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළයුතු බවත් ඊට ශ්‍රී ලංකාව ද එක්වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් කියා සිටියේය.

Related posts

බෝතල් කටු ඇනුණු දරුවෙකු මරුට

Mohamed Dilsad

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Editor O

පවතින කාළගුණය හමුවේ ධීවර ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment