දේශීය

ඇමරිකාවේ සහ කැනඩාවේ ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ) – අද (05) දිනයේදී කැනඩාවේ සහ අමෙරිකාවේ සිටින ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ලන්ඩන් නුවර සිට හෙට අලුයම දිවයිනට පැමිණෙන ගුවන් යානයෙන් ඔවුන් කටුනායකට ළගාවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් රැඳී සිටින මෙරට සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒම සඳහා හෙට (06) දිනයේදී සිංගප්පුරුවට ගුවන් යානයක් යැවීමට සැළසුම් කර ඇති අතර මැලේසියාවල පිලිපීනයල ජපානය හා බෙලාරස් රටවල සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමටද සැළසුම් කර ඇති බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Mohamed Dilsad

මන්ත්‍රී වැටුප් අහෝසි කරනවා යැයි අපි කිව්වේ නැහැ. – ඇමති වසන්ත සමරසිංහ

Editor O

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment