දේශීය

ගුවන්තොටුපලේ මෙහෙයුම් යළිත් ආරම්භ කිරීමට සාකච්ඡා

(UTV| කොළඹ) – සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) ප්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විය.

කොරෝනා  වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීති රීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට රජය අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්වසාකච්ඡා කෙරුණු අතර , සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

මෙහිදී අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවය. ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර්ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කළේය.

ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් හෙතෙම අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් හමුවේ වැඩිදුරටත් පැවසීය .

Related posts

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද මෙඩි මේට් යන්ත්‍රයක් කළුබෝවිල රෝහලට [PHOTOS]

Mohamed Dilsad

රූමතියන්ට හිංසා | පාර්ලිමේන්තුව තුළ ඇරඹූ පොලිස් විමර්ශන

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

Editor O

Leave a Comment