ක්‍රීඩා

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

(UTV | කෝවිඩ් -19) – ක්‍රිකට් පන්දුව ඔප නැංවීම සඳහා ඛේටය වෙනුවට තාවකාලික පියවරක් ලෙස වැක්ස් ආලේපනයක් යෙදවීම පිළිබඳ අවධානය යොමු වී තිබේ.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හමුවේ පන්දුවෙහි ඛේටය ගැල්වීම අවදානම්සහගත බව හේතුවෙනි.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ පිලිබඳ එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඉදිරියේදි තීරණයකට එළඹීමට නියමිත බවයි.

පන්දුව ඔප් නැංවීමට විශේෂිත වැක්ස් වර්ගයක් නිෂ්පාදනය කිරීමට ක්‍රිකට් පන්දු නිපදවන  ඕස්ට්‍රේලියානු කොකබූරා ආයතනය පියවර ගෙන ඇති අතර එය මසක් ඇතුළත භාවිතය සඳහා ලබාදීමටයි සැලසුම් කර ඇත.

Related posts

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 294 ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment