(UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත අනුව සිය මව්රටට යා ගත නොහැකිව ශ්‍රී ලංකාව තුළ සංචාරකයින් 11,389 ක් පමණ සිටින බව සංචාරක සංවර්ධන එම අධිකාරිය පවසයි.
ඒ කොවිඞ්-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන්.
ඇඳිරි නිතිය හේතුවෙන් දැනට අපහසුතාවට පත්ව සිටින විදේශීය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා ලියාපදිංචිවීමට නව වෙබ් අඩවියක් හඳුන්වාදී ඇති තිබේ.
ඒ අනුව එම සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයන්ගේ තොරතුරු එක්රැස් කරගැනීමට නියමිතයි.