දේශීය

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

(UTV | කොළඹ) – කොරෝනා මර්ධනයට ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4.5 කට අධික ආධාර මුදලක් ලබාදෙන බව මෙරට පිහිටි එරට තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා මෙරටට එම ආධාර මුදල ලැබීමට සලස්වනු ලැබේ.

මීට පෙර සෞඛ්‍ය ආධාර ලෙස මෙරටට ඩොලර් මිලියන 1.3 ක් ලබාදීමට ඇමරිකාව කටයුතු කළ අතර එම ආධාර මුදල් විද්‍යාගාර පද්ධති සුදානම් කිරීමටත්, සිද්ධි සොයා ගැනීම සඳහා සක්‍රිය කිරීමටත් හා සිදුවීම් පාදක අවේක්ෂණයටත් ප්‍රතිචාර හා පෙර සුදානම මෙන්ම තාක්ෂණික විශේෂයින්ට සහය ලබා දීමට උපකාරී වී ඇති බව සඳහන්.

ඒ අනුව ඇමරිකානු රජය විසින් ලබා දුන් සමස්ත දායකත්වය ඩොලර් මිලියන 5.8 ක් බව ද නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

අගමැතිගෙන් හිටපු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කැඳවීමක් කරයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

Mohamed Dilsad

නල්ලතන්නියේ මන්ද ඇට වු සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment