දේශීය

මෙවර වෙසක් උත්සවයට සිරකරුවන් පිරිසකට නිදහස

(UTV | කොළඹ ) – මෙවර වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් 290 දෙනෙකුට නිදහස පිරිනැමෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති පොදු සමාව යටතේ ඉන් 228 දෙනෙකුට අද දිනයේදී නිදහස හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් පවසා තිබේ.

වයස අවුරුදු 65 ට වැඩි රැඳවියන්, දඩ මුදල් ගෙවා ගත නොහැකිවූ රැඳවියන් මෙන්ම වසරකට හිමිවන නිවාඩු ගණන පදනම් කරගෙන නිදහස හිමිවන රැඳවියන්ද ඒ අතර වේ.

එමෙන්ම යහපත් කල් ක්‍රියාව පදනම් කරගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ද ගතවු දින 3 තුළදී තවත් රැඳවියන් 62 දෙනෙකු නිදහස් කල බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

වෙසක් දිනයට සමගාමීව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එම පිරිසට නිදහස දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේය.

Related posts

බැඳුම්කර සිද්ධියේ රවී ඇතුළු 12 කට වරෙන්තු නිකුත් කිරීමට අදාළ තීරණය අද

Mohamed Dilsad

රටේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා – විපක්ෂ නායක

Editor O

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

Mohamed Dilsad

Leave a Comment