දේශීය

ඩුබායි සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එයි

(UTV | කොළඹ ) – අද (07) පෙරවරුවේ නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 197 දෙනෙකු දිවයිනට පැමිණියේය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 226 දරන විශේෂ ගුවන් යානයෙන් පෙරවරු 06.20 ට එම පිරිස දිවයිනට පැමිණි බවයි.

එලෙස පැමිණි සියලූ දෙනා ගුවන් හමුදාව විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම විෂබීජහරණයට ලක් කර ඇත.

ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද ගුවන් තොටුපලේදීම සිදු කර තිබේ.

ඩුබායි සිට පැමිණි එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුධ හමුදාව කටයුතු කර ඇත.

Related posts

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට රැස්වෙයි

Mohamed Dilsad

සියලු ඖෂධ සැල් විවෘත කර තැබීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment