දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමග තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික් වලත් ස්ථාන කිහිපයක ඉදිරි පැය කිහිපය තුල මිලිමීටර් 100 ට වැඩි ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි.

තවද එම ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවති.

ගිගුරුම් සහිත තද වැසි හටගන්නා අවස්ථාවලදි අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

Related posts

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යළි රැස්වෙයි

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන 51/5 යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

IDH රෝහලෙන් මව සමඟ පැන ගිය පුතා සොයා ගනී[UPDATE]

Mohamed Dilsad

Leave a Comment