දේශීය

මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

(UTV | කෝවිඩ්-19) – අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට, දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට කඩිනමින් විධිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි උපදෙස් දී තිබේ.

දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව රෝගීන් විශාල පිරිසක් යොමුකල පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.

එම පිරිස දැනට මාස දෙකක පමණ කාලයක සිට සායන සඳහා පැමිණීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව සඳහන් වේ.

ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් සායන සඳහා පැමිණිමෙන් අනතුරුව ලබා ගත යුතු ඖෂධ ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී ඇති බවයි වාර්තා වේ.

ඒ හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දිවයිනේ සෑම පළාතකම සිට මේ සඳහා යෙදවීමට අවධානය යොමු කරන ලෙසත්, රෝගීන්ට අපහසුතාවයක් නොවන ආකාරයටත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන කටයුතු සඳහා බලපෑමක් නොවන ආකාරයටත් වැඩ පිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Related posts

සමඟි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක්

Mohamed Dilsad

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා ආසාධනය වෙයි

Mohamed Dilsad

Leave a Comment