දේශීය

ලබන සඳුදා සිට කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ආයතන විවෘතයි

(UTV | කෝවිඩ්-19) – කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වනදා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති බව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ ඒ අනුව අත්‍යාවශ්‍ය වන සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් සේවා ස්ථානවල කටයුතු ආරම්භ කරන බවයි.

එහිදී රැකියා ගැටළු සහිත කම්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

පසුගියදා කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති පෞද්ගලික අංශයේ ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළේය.

ඒ සම්බන්ධයෙන් වන අවසන් ලේඛනය විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දීමට නියමිත බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සඳහන් කළේය.

Related posts

ජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන කටයුතුවලින් වළකින්න [RELEASE]

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයි

Mohamed Dilsad

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment