ක්‍රීඩා

ජර්මනියේ බුන්ඩස්ලීගා පාපන්දු තරඟ ඇරඹීමේ සුදානමක්

(UTV | ජර්මනිය) – ජර්මනියේ බුන්ඩස්ලීගා, ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය ලබන 16 වන දා ආරම්භ වන බව ඊයේ (07) නිවේදනය කර තිබේ.

කොරෝනා වෛරසය නිසා එම තරගාවලියන් නතර වී තිබුණි.

ඒ අනුව යුරෝපයේ නැවත ආරම්භ වන පළමු පාපන්දු තරගාවලිය මෙය වන අතර තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට  තීරණය කර ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සහභාගි වන ක්‍රීඩකයන් සියල්ලන්ම කොරෝනා පරීක්ෂවලට ලක් කෙරෙන බවත් තරගාවලිය පැවැත්වීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇති බවත්ය.

Related posts

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

Mohamed Dilsad

දෝනි පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

කාසියේ වාසිය ස්කොට්ලන්තයට..

Mohamed Dilsad

Leave a Comment