දේශීය

සුව වූ නාවික සෙබලුන් 16 ක් රෝහල්වලින් පිටව යයි

(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ ( 07) දිනයේ සිදුකළ PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැර තිබේ.

ඔවුන් දෙදෙනාත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඇතුළත් කරන ලදි.

ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින්වර සිදුකළ PCR පරීක්‍ෂණයන්හි ප්‍රතිඵල අනුව අදාළ වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ පස්වරුවේ දී රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මේ අනුව මේ වන විට මෙම පුද්ගලයින් දෙදෙනාද ඇතුළුව වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Related posts

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423 ක් ලියාපදිංචි කරලා

Editor O

ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනපති වර්ණ ප්‍රදානය කරයි [PHOTOS]

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment