දේශීය

මුල්ලේරියාව රෝහලට අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරයක්

(UTV| කොවිඩ් 19) –  අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්‍රදානය කිරිම අද (09) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

වර්ග අඩි 3300 ක බිම් ප්‍රමාණයක, කාමර 16 කින් යුතු මෙම හෙද නේවාසිකාගාරය තුල හෙද නිලධාරින් 32 කට නේවාසික පහසුකම් සළසා ගත හැක.

ගෘහ භාණ්ඩ ඇතුලු අනෙකුත් සියළු පහසුකම් වලින් ද මෙම හෙද නේවාසිකාගාරය යුක්ත වේ.

කොවිඩ් -19 වසංගත පාලන කාර්ය සාධන බලකායේ රැස්විමක දී අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව මතු වූ මොහොතේ ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එම බලකායේ සාමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා මැදිහත් වන ලදී.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරිමට පියවර ගෙවන ඇත.

 

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment