දේශීය

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15 දෙනෙක් රෝහලේ

(UTV | බගවන්තලාව) – බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබුවන් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

වතු කම්කරුවන් 15 දෙනා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (09) ඇතුළත් කර බව සඳහන්.

ප්‍රදේශවාසින් පවසන්නේ කම්කරුවන් සේවය කරමින් සිටි තේ වත්තේ මාර ගසක බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා එම බඹර කුඩුව බිමට කඩා වැටිමෙන් බඹරුන් ඇවිස්සි ඇති බවයි.

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් – රනිල්ට සහය නැහැ.

Editor O

ඔන්ලයින් පනතට සංශෝධන ඉදිරිපත් කරනවා – නීතිපති අධිකරණයට කියයි

Editor O

කෙරෝනා තවදුරටත් ව්‍යාප්ත වුවහොත් කතෝලික පාසැල් වසනවා – අගරදගුරු

Mohamed Dilsad

Leave a Comment