දේශීය

සති දෙකක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

(UTV | කොවිඩ් 19 ) –  හෙට (11) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමඟ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත.

ඒ අනුව රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් සැපයීමක් සිදුකෙරෙන්නේ නැත.

Related posts

රාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

Leave a Comment