දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

(UTV | කොළඹ) – හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම හෙට පස්වරු 4.30 ට කතානායක නිල නිවසේදිී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස්වීමට නියමිතය.

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සභාව ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, බිමල් රත්නායක, මහින්ද සමරසිංහ, තලතා අතුකෝරල, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යුසුෆ්, නාගනාදන් සෙල්වකුරන් සහ ආචාර්ය ජයන්ත දනපාල යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අල්ලසට එරෙහිවන්න – TISL ඉල්ලයි

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment