විදෙස්

ඉන්දියාවේ විදේශිකයන්ට වීසා නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

(UTV | ඉන්දියාව)විදේශිකයන් වෙනුවෙන් නිකුත් කර ඇති සියලුම වීසා තවදුරටත් අත්හිටුවා ඇති බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.

එරට මාධ්‍ය පවසන්නේ රාජ්‍ය තාන්ත්‍රික, ජගත් සංවිධාන නියෝජිතයන් ඇතුලු සීමිත කාණ්ඩ කිහිපයකට පමණක් එය අදාළ නොවන බවයි.

ඉන්දීය රජය තීරණය කර ඇත්තේ දැනට පණවා ඇති ගුවන් ගමන් තහනම ඉවත් කරන තුරු විදේශිකයන්ට වීසා නිකුත් නොකිරීමට බව සඳහන්.

එහෙත් එරට තුළ සිටින පෙබරවාරි පළමුවනදායින් පසු වීසා කාලය ඉක්මවා ගොස් ඇති විදේශිකයන්ට වීසා දිගුවක් අයදුම් කල හැකි බව ඉන්දීය රජය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ඉන්දුනීසියාවේ සුනාමි අවදානම ඉවතට

Mohamed Dilsad

බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක්- බොරිස් ජොන්සන් [video]

Mohamed Dilsad

ගුවන් යානයක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment