Trending News

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කටයුතු අරඹයි [PHOTOS]

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු නිර්දේශවලට අනුකූලව බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවා කටයුතු අද (11) ආරම්භ කෙරුණි.

රට තුළ මතු වූ කොරෝනා  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දැමුවේය.

එම අමත්‍යාංශය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් පරිදි ප්‍රමුඛ සේවා අවශ්‍යතා සහිත කැදවීම් කරන ලද සියළු නිලධාරීන් ඒ අනුව සේවයට වාර්තා කළ බවයි.

රජයේ සේවකයින් නැවත සේවයට කැඳවීමේදී අමාත්‍යාංශ විසින් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබූ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සහ උපකරණද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ඇත.

Related posts

வாழ்த்து பதாதையை அகற்றுமாறு ஜனாதிபதி உத்தரவு

Mohamed Dilsad

பாகிஸ்தானின் மிகப்பெரிய சர்வதேச விமானநிலையம்

Mohamed Dilsad

மழையுடனான வானிலை

Mohamed Dilsad

Leave a Comment