ගොසිප්

චීනය සිදු කල නවතම හෙළිදරව්ව මෙන්න

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය චීනයේ පාලනය වී ඇතත් යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ.

ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් ප්‍රකාශ කර කළේ ගතවූ සති දෙකක කාලය තුළ වෛරසය දේශීයව ව්‍යාප්තවීමේ සිද්ධීන් වාර්තාවී ඇති බවයි.

එමෙන්ම ගතවූ පැය 24 ක කාලය තුළ නව ආසාදිතයන් තුන්දෙනෙකු වාර්තාවී තිබුණද චීනයෙන් මරණ කිසිවක් වාර්තාවී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට  ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ නව ආසාදිතයන් තිදෙනා විදේශයන් හි සිට චීනයට පැමිණි අය බවයි.

චීනයෙන් ආසාදිතයන් 82,880 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ වාර්තාවී ඇත්තේ 4,633 ක් පමණයි.

Related posts

හලාවත කඩොලාන ආශ්‍රිතව පරිසර සංහාරයක්

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව සටන් කරන කංසා

Mohamed Dilsad

අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් කියයි

Mohamed Dilsad

Leave a Comment