දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2ක් අද

(UTV | කොළඹ ) – අද (12) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡා 2 ක් පැවැත් වීමට නියමිතව ඇත.

අද පෙරවරුවේ කොමිසමේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලු කොමිසමේ සාමාජිකයන් ඊට එක් වේ.

අනතුරුව පස්වරු 2.30 ට ඉදිරි මහ මැතිවරණයට සන්ධානගතව තරඟ කරන පක්ෂවල නියෝජිතයන් සහ කොමිසම අතර සාකච්ඡාවක් සංවිධාන කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකරයට මනාප අංක නිකුත් කිරීම සහ මැතිවරණ දිනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම ඇතුලු මහ මැතිවරණයට අදාළ වැදගත් තීරණ රැසක් අද දිනයේදී ගැනීමට නියමිතව ඇත.

මේ අතර තනිවම මැතිවරණයට තරඟ කරන පක්ෂවල නියෝජිතයන් හෙට (13) දිනයේ දී සාකච්ඡාවකට කැඳවා ඇති බව මැතිවරණ කොමිසම තවදුරටත් සඳහන් කරයි.

Related posts

පළාත් කිහිපයකට තරමක තද වැසි

Mohamed Dilsad

ඩිජිටල් සේවා බද්ද ගැන IMF පැහැදිලි කරයි

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව ‘ රා’ නිෂ්පාදනය කල සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment