දේශීය

විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

(UTV | කෝවිඩ්-19) – නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් එක් කරමින් ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලැබී ඇති විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍යාංශය පැවසුවේය.

දෝෂ සහගත බිල්පත් ලැබී ඇතැයි පැවසෙන නිවාස හඳුනා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.

එම නිවාස හදුනා ගෙන නිවැරදි බිල්පත් යොමු කිරීමට ඉදිරි දින කිහිපය තුල කඩිනමින් පියවර ගන්නා බවයි සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේය.

Related posts

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

Editor O

එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්

Mohamed Dilsad

ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment