දේශීය

මධ්‍යම පළාතේ අමාත්‍යාංශ දෙකකට නව ‍ප්‍රධානීන්

(UTV | කොළඹ ) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහා නව ලේකම්වරුන් පත්කිරීම සිදු විය.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ජී.කේ.ජී.ආර්.පී.කේ. නන්දන සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කේ.ජි. උපාලි රණවක පළාත් ආණ්ඩුකාරවරයා අතින් තම පත්වීම් ලිපි ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න ද එක්ව සිටියේය.

Related posts

ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

Mohamed Dilsad

සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Mohamed Dilsad

හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

Editor O

Leave a Comment