දේශීයව්‍යාපාරික

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනීම අඛණ්ඩව

(UTV | කොළඹ) –  ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධව ඉදිරි කටයුතු හා බඳවා ගැනිම් අඛණ්ඩව සිදුකිරිමට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්, අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගනු ලබන IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සමග ඊයේ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්විණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාද මෙම සාකච්ඡාව සඳහා එක්වු අතර එහිදි ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් පුහුණුවීම් සිදුකරණ බවත් අවධාරණය කෙරිණි.

පවතින තතත්වය යහපත්වු වහාම ශ්‍රමිකයන් ජපානය වෙත යැවීම හා ඉදිරියේදි රැකියා අවස්ථාවන් වැඩියෙන් ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡා විය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයේ ඉතා හොදින් රැකියාවල නිරත වී සිටින බව මෙහිදි IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සඳහන් කළේය.‍

Related posts

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

Mohamed Dilsad

චීන පොහොර ගණුදෙනුවේදී සිදුවූ අකටයුතුකම් ගැන විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයක්

Mohamed Dilsad

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment