දේශීය

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 31 වනදා තෙක් දීර්ඝ කරන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ලොව පුරා ගමනාන්ත රැසක ක්‍රියාත්මක සංචාරක බාධක රෙගුලාසි ඊට හේතුව බවයි.

කෙසේවෙතත් ආර්ථික කටයුතු ආරම්භවීමත් සමග මෙතෙක් පනවා තිබූ ඇතැම් ගමනාගමන බාධා ලිහිල් කිරීම හමුවේ ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං නගර දක්වා මගී ප්‍රවාහන ගුවන් සේවා නැවත ආරම්භ කල බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

Related posts

සමාගම් 21ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Editor O

කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

Leave a Comment